රියපදවමින් ‘රැගුම් පෑ’ මේනකාට සිද්ද වුණු දේ

    රංගනය සහ නර්තනය වෙනුවෙන් දක්ෂ ජනප්‍රිය කලා කරුවන්ට විශාල වශයෙන් මිල මුදල් හිමිවෙනවා. නර්තනයට දක්ෂ රූමත් නිළියකට ඒ නර්තනය වෙනුවෙන් විශාල මුදලක් උපයාගත හැකි බවත් රහසක් නොවේ. නමුත් නර්තනය ගැන විශේෂ හැකියාවක් ඇති නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නිළියක වන මේනකා මධුවන්තිට තමන්ගේ රංගනයක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවීමට සිද්ධ වුණා.

    පසුගිය දිනයක දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රිය පදවමින් සිටි ඇය සුක්කානම අතහැර තමන්ගේ දෑතින් අපූරු රංගනයක් ඉදිරිපත් කළා. එය රථයේ ඉදිරිපස අසුනේ සිටි අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය වීඩියෝ ගත කොට තිබුණා. පසුව ඇය හෝ එය වීඩියෝ ගත කළ තැනැත්තා හෝ තැනැත්තිය ඒ රංගනය  යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් කර තිබුණේ එය අලුත් දෙයක් යැයි සිතා වියයුතුයි.

    නර්තනය හොඳ දෙයක් වුවත් රිය පදවන අතරේ නර්තනයක යෙදීමේ නොසුදුසුකම වටහාගත් කිසිවෙකු ඒ සිදුවීම 1919 දුරකථන අංකය ‍ඔස්සේ ‘ජනපතිට කියන්න’ වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කොට තිබුණා. ජනපතිට කියන්න යනුවෙන් ඒ අංකයට ලැබෙන පැමිණිළි හැකිතාක් ඉක්මනින් විද්‍යුත් ක්‍රමයකින් ජනාධිපති කාර්යාලය වෙත යොමුවෙනවා. එහිදී කෙරුණු විමසා බැලීමකින් පසු ජනාධිපති කාර්යාලය විසින්  ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමෙන් පසු මේනකා මධුවන්තිට එරෙහිව බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ  නඩුවක් ගොනු වුණා.  එහි චෝදනාව වූයේ  අන්තරාකාරී ලෙස රිය පැදවීමයි.

    එහිදී රියපදවන අතරේ රැඟුම් පෑමේ වරද පිළිගත් මේනකාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත්වරයා රුපියල් පන්දහසක දඩයක් නියම කළා.

    ඕනෑම හොඳ දෙයක් කිරීමට සුදුසු වගේම නොසුදුසු ස්ථානත් තිබෙනවා. නමුත් නර්තනයට හපන් මේනකාට ඒ පිළිබඳ වැටහීමක් නොතිබුණු බවයි මේ සිදුවීමෙන් පෙනීයන්නේ. කෙසේ හෝ ‍බොහෝ දෙනෙකු මෙවැනි දර්ශන අන්තර්ජාලයේ යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් කරන්නේ ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන්. මෙහිදී මේ සිදුවීමත් සමඟ මේනකාගේ ජනප්‍රියත්වය කෙසේ වෙතත් ඇගේ ප්‍රසිද්ධිය නම් බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙනවාට සැක නැහැ. 

    ලක්බිම

    එස්.ටී.පී සිල්වා 

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.