ගංවතුරෙන් බැට කෑ ගාල්ල දරුවන්ට ඕස්ට්‍රේලියාවෙන් අත

    පසුගිය දා ඇති වු ගංවතුර ව්‍යවසනයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයේ අවතැන් වූ  පාසල් දරුවන්ට සපත්තු මේස් ඇතුළු පාසල් උපකරණ ලබාදීමේ සමාජ සත්කාරයක් ඕස්ට්‍රේලියාවේ ‘CGTTI' ලං.ජ.කා.අ ආයතනීය අලුමිනි ග්ලෝබල් ඇසෝසියේෂන්’  පූර්ණ දායකත්වයෙන් පසුගිය දා සිදුකෙරුණි.

    එහිදී හල්විටිගල සාරිපුත්‍ර විද්‍යාලය, මොරවක ජාතික පාසල, හබරකඩ ජනපද කණිෂ්ඨ විද්‍යාලයෙහි සිසු දරු දැරියන්ට පාසල් උපකරණ හා සපත්තු මේස් ලබා දීමෙන් පසු වෛද්‍ය සම්පත් පෙරේරා මහතා විසින් එම දරුවන්ගේ ඉදිරි කටයුතු සාර්ථකව ගොඩ නැංවීමට අවශ්‍ය පන්නර ලබාදෙමින් අගනා දේශනයක් පැවැත්වූ අතර පරිසරවේදී සසිකලන රත්වත්ත මහතා විසින් පරිසරයට සිදුවන ව්‍යවසන පිළිබඳව වැඩසටහනක් ඳ පවත්වන ලදී.ශ්‍රී ලංකා යුද හමුදා ගාල්ලේ බූස්ස කඳවුර, පොලිස් විශේෂකාර්ය බලකාය, ගාලු දිස්ත්‍රීක් සම්බන්ධීකරණ නිලධාරී ඒ.එස්.පී. නෙත්තසිංහ මහතා ඇතුළු  විශාල පිරිසක් මෙම කටයුත්ත සාර්ථකව නිම කිරීමට සිය දායකත්වය සැපයූ අතර ශ්‍රී ලංකාවේ CGTTI ජාත්‍යන්තර සංවිධානයේ සභාපති විල්බට් සොයිසා, සාමාජික නෙත්තසිංහ, ආනන්ද යන මහතුන් සහ යක්කලමුල්ලේ අරවින්ද මහතා ඇතුළු සිය පවුලේ සමාජිකයින්ද මෙම අවස්ථාවට පුර්ණ දායකත්වය ලබාදෙන ලදී.

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.