ලෝක බෞද්ධයන්ගේ ගෞරව පූජාවට ලක්වන කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

    ඉතිහාසය යනු ලිඛිතව (Written Record) ලියන ලද දෙයක් හා සම්බන්ධ වන්නේය. පුරාවිද්‍යාවෙන් ‍ලේඛනයද අභිබවා ඈත අතීතයට යා හැකි විද්‍යාත්මක වූ අධ්‍යයනයකි. තවත් ලෙසකින් සඳහන් කරතොත් අතීත මානවයා (මිනිසා) විසින් සකස් කරන ලද භාවිත කරන ලද  (MAN MADE) භෞතික අවශේෂ අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාවෙන් සිදු කෙරේ.කපිලවස්තු ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා පිළිබඳව ඉහත සඳහන් කරුණු අදාළ වන්නේ කෙසේද යන්න මෙය කියවන ඔබගේ සිතට සිතුවිල්ලක් මතුවන්නේ නම් ඒ ගැන අප පුදුම විය යුතු නොවේ.කපිලවස්තු ශ්‍රී ධාතූන්වහන්සේ පිළිබඳව සඳහන් කිරීමට පෙර අප රටේ සමහර පාපකාරී පුද්ගලයන් විසින් පතුරුවා හරින අමූලික බොරුවක් මෙහිදී හෙළි කළ යුතුය. එනම් සිද්ධාර්ථ කුමාරයා උපන්නේ මේ රටේ බව පත්‍රවලින් මෙන්ම ‍පොත්පත් ලිපි මගින් ප්‍රචාරය කිරීමයි. එය අපාගතවන මහා බොරුවක් බව ඔවුහු නොදනී.

    Page 13 of 13

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.